කසුන් සමරකෝන් ලියයි
දෙවන කොටස
මම කෝච්චියට නැග්ගා . මට ඕනි උනේ තනිවම ගොඩක් වෙලා ඉන්න. කිසිම සාදයක් හරි කතා බහක් හරි නැතිව . මන් වාඩි වෙලා පොතක් ගත්තා බෑග් එකෙන්. මන් ගත්තේ නිකොලොස් ස්පාර්ක්ස්ගේ "සේෆ් හෙවන් ". ඒක කියවන්න කියල නංගි මට බල කරපු නිසා මන් ඒක දාගත්තේ. ටිකක් වෙලා යනකොට වැස්සක් වැටෙන්න ගත්ත. මං වීදුරුව පහත් කළා. කෝච්චි පෙට්ටියටම හිටියේ මගීන් ටික දෙනය් . ගම්පොල හරියේදී කොල්ලෝ කෙල්ලෝ ටිකක් නැග්ග.ඔක්කොමලා අවරුදු විසි ගණන්වල මුල හිටපු අය. මන් ඉස්සරහා තුන්දෙනෙක් වාඩි උනා. මන් දිගටම පොත බල බල හිටියේ. මේ අතරේ මගේ ඉස්සරහා ගෑනු ළමයෙක් වාඩි උනා. එයාගේ ඇස් මං කියව කියව හිටපු පොතේ නැවතිලා තිබ්බ. ටික වෙලාවක් යන කොට එයා මෙහෙම ඇහුව.
"පොත් වල වගේ ආදරේ ලස්සනට හරි යනවනම් අපිත් කොය්තරම් වාසනාවන්තද"
ඇත්තටම මටත් ඒක තේරුනේ ගොඩක් පහු වෙලා. ඒ ගෑනු ළමය මාත් එක්ක දිගින් දිගටම කතා කරන්න පටන් ගත්ත. එයාගේ නම ජෙසී කිව්වා. ගොඩක් ලස්සන නැති උනාට ගොඩක් බුද්දිමත් පාටය් . එයා කතා කලේ කවි ගැන චිත්රපටි ගැන. එමලි ඩිකන්ස්ගේ කවි ගැන ලොකු සංවාදයක් ඇති උනා. ඒ වෙලාවේ මට ආපහු හිතුන පරණ මම ආයෙමත් ඇවිත් කියල. ජීවිතේ කොය්තරම් ලස්සනද . මහා රෑ වැහි බින්දු වීදුරු වල හැපෙද්දී අදුර කපන්න දාපු කෝච්චියේ ලයිට් මැද අපේ සංවාදය හරිම රසවත් උනා. එයා මගේ ලගට ඇවිත් වාඩි උනා. වාඩි වෙලා අපි පැය කීපයක්ම ආදරේ ගැන ජීවිතේ ගැන කතාකලා.
ටික වෙලාවක් යන කොට ජෙසීට නින්ද ගිහින් මගේ උරහිස උඩම. මේක මොන වගේ සම්බන්දයක්ද. පේරාදෙණිය කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ කෙල්ලෙක් මගේ උරහිස මත නිදි. අදුරන්නෙම නැති අයව විස්වාස කරන්න හොද නැහැ. ඒත් මේ පැය ගානට අපි හොද යාලුවෝ වෙලා ඉවරය් . තව ටිකකින් නානු ඔය නැවතුම. මන් බහින ඕනි . එත් ලස්සනට නිදාගෙන ඉන්න පුංචි කෙල්ලෙක්ව දාල බහින්න ලෝබය්.
හෙමින් ආපු ජීවිතයක්
පුංචි හදෙන්
ලොකු ආදරයක් ඉල්ලනවා
නානු ඔය ස්ටේෂන් එකෙන් බහින්න ලං වෙනකොට ජෙසී ඇහැරුනා. ඒ වෙනකොට වෙලාව පාන්දර හතරට විතර ඇති. ජෙසී මගේ අතකින් අල්ල ගත්ත. ඊට පස්සේ මගේ කමුලට ලොකු හාද්දක් දුන්න. මට දෙන්න තරම් දෙයක් තිබ්බේ නැහැ, මතකයන් ගොඩක් විතරය් තිබ්බේ. ඊට පස්සේ මන් බැස්සා ස්ටේෂන් එකෙන්.
කෝච්චිය ගොඩක් වෙලා නානු ඔය නවත්තලා තියනවා. ඒ නිසා ජේසිත් මාත් එක්ක ප්ලැට් ෆෝම් එකට බැස්ස. අපි දෙන්න ඔහේ ඇවිදින්න ගත්ත. පාලුව හැම පැත්තෙන්ම ගලාගෙන එන්න පටන් ගෙන තිබුන. හීතල ගොඩක් වැඩි.
අපි දෙන්න ස්ටේෂන් එකේ කැන්ටිමෙන් තේ දෙකක් බිව්වා.තේ කෝප්පෙන් දුම් දමදී ඒක උඩට අත් දෙක තියාගෙන ජෙසී සීතල මගහරින්න උත්සහ කල පස්සේ බැරිම තැන එයා මට තුරුල් උනා. හරියට අවරුදු ගානක් තිස්සේ දන්නා පෙම්වතුන් ජෝඩුවක් වගේ අපි විනාඩි ගානක් තුරුලේ හිටිය.
මන් එයාගේ නළලත සිපගත්ත පලවෙනි වතාවට. හීතලය් මීදුමය් අන්දකාරයය් එක්ක අපේ හැගීම් ආදරේට වඩා එහාට යනවා කියල මන් දැනන් හිටිය. ජෙසී බලෙන්ම එයාගේ නොමරේ මගේ ෆෝන් එකේ කෙටුව. මගේ නම්බරෙත් දාගත්තා. කෝච්චිය පිටත් වෙන්න ළගය් . අපි දෙන්නම නැගිට්ටා. කෝච්චිය ලගට ඉක්මන් ගමනින් ගියපු ජෙසී ආපහු විදුලි වේගයකින් ඇවිත් මගේ තොල්මත තොල් තියල ආපහු දුවල ගියා. එයා හිනාවෙන්න හැදුවා මාත් හිනාවෙන්න හැදුවා . අපි දෙන්නටම හිනා වෙන්න බැරි උණා .කෝච්චියේ හඩ ටික ටික වැඩි උණා. ජේසීවත් අරන් කෝච්චිය හිමිහිට ඉස්සරහට යන්න පටන්ගත්තා..මන් ස්ටේෂන් එකේ තනියම.මිදුම මැදින් කෝච්චිය නොපෙනී යන හැටි බලන් ඉන්නකොට මට යාලුවෙක් කියපු දෙයක් මතක් උණා .
"උබ ජ්විතකාලේ දී ගැණු ළමය් කී දෙනෙක්ට ආදරේ කරනවද?"
ඒක මංවත් දන්නේ නැහැ . ඒත් මගේ කලින් ගෑනු ළමය කියපු දෙයක් මට මතක් උන. ඒ තමය් ක්රිෂ්ණා දෙවියෝ කළා වගේ ආදරේ කරන්න.හැමෝටම ආදරේ බෙදන්න. ඒ ආදරේ එක්ක අපි දවසින් දවස වැඩෙන්න ගන්නවා . එත් කවදාවත් කාවවත් රිද්දන්න එපා. අම්ම කෙනෙක් වගේ හැමෝටම ආදරේ කරන්න.
බෑග් එකත් අරන් මන් ස්ටේෂන් එකෙන් එලියට ආව . අවරුදු ගානකට කලින් මගේ දෙවෙනි කෙටි චිත්රපටියට මුලාරම්බය උනේ මේ ස්ටේෂන් එක. එදා මගේ වටේ හිටපු යාලුවෝ අද ගොඩක් කාර්ය බහුල වෙලා. නමුත් ඒ එක්කෙනෙක්වත් ජීවිතෙන් ඈත් වෙලා නැහැ. මීදුම මැදින් හිරිකඩින් පෙගිච්ච ජීවිතයක් එක්ක මඩ කඩිති උඩින් පැන පැන මං පාර දිගේ ඇවිදින්න ගත්ත. අනික් නවාතැන්පොළට යන්න . ඒත මගේ හිත ජෙසීගේ මතකෙන් පිරිලා. පැය ගණනක හමුවක් ජීවිතේම වෙනස් කරන හැටි හරිම අපුරුය් .
පැය ගානක හමුවීමක් උනත් ජීවිතේට ලොකු වෙනසක් කරන්න පුළුවන්.. ඇත්තටම
ReplyDeleteකතාව ගති, වැඩි කල් නොගෙන ලියනවනම් තවත් කැමතියි..