මතක මන්දිර ...
කසුන් සමරකෝන් ලියයි
පළමු කොටස
සීතල හුළග මුළු පරිසරයම වෙලාගෙන . කඩින් කඩ වැස්ස වෙටෙනවා. මේ කාලගුණය තියෙද්දී නුවර වැව් රවුමේ ඔයත් එක්ක ඇවිදින්න කොය්තරම් ආසය්ද . නුවර වැව ගාව තියන ලොකු ගස් යටින් ඇවිදගෙන යනකොට දැනෙන්නේ පුදුමාකාර සනීපයක් සැහැල්ලුවක් . මුලු ජීවිතේම ආදරය ළග තියනවා වගෙය් හිතෙන්නේ . ඈතින් දළදා මාළිගාවේ පංච තුර්ය වාදනය ලාවට ඇහෙද්දී වැහි බින්දු වල සද්දේ එක්ක කවලම් වෙලා වෙනමම ශබ්ද මාධුර්යක් නැගෙනවා. ඇත්තටම ඔයා එක්ක තුරුළු වෙලා එක බංකුවක කිටි කිටියේ ගුළිවෙන්න තියනවනම් ඒක පුදුම සුන්දර ආනන්ද ජනක හැගීමක්. හදවතේ තියන ආදරය එහෙන් පිටින්ම දායාද කරන්න පුළුවන් ක්රමයක් තියේනම්; මේ ලෝකේ කොය්තරම් ලස්සන තැනක් වෙය්ද ? හෙමින් හෙමින් වැහි බින්දු එක දෙක බිම වැටෙනවා. ඔයා නැතිව බංකුවේ මන් තනියෙන් වාඩිවෙලා ඉන්නවා.කාර්ය බහුල ජීවිතයක ආදරයේ තනිකම දැනෙන්නනම් ආදරයට ජීවිතයට වගේම ආදරේ කරන්න ඕනි.ගමන් මල්ලක් එක්ක ජීවිතේ හොයාගෙන යන කොට චමත්කාර ජනක දේවල් සිද්ධවෙනවා. මම තවම බංකුවේ ඉගෙන දළදා මාළිගාව දිහා බලාගෙන ඉන්නවා.
හුළගත් එක්ක වැව වටේ ගස්වල පාට පාට මල් අවකාසෙට එකතුවෙලා වැහි බින්දු එක්ක බිමට වැටෙනවා.ජීවිතේ කොය්තරම් සරලද?අපි සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න හදවත තව තව ආදරයෙන් පිරෙන්න ගන්නවා.මේ හදවත ඔයාගේ ආදරෙන් වගේම හැම කෙනාගේම ආදරෙන් පිරිලා.
මගේ ඉස්සරහ පොඩි ගෑනු ළමයෙක් ඇවිදන් ගියා ලොලි පොප් එකක් කකා. එයා අතේ තව ලොලි පොප් එකක් තිබුණ.ඒ කිට්ටුවෙන් ගිය හිගන ළමයෙක් ගාවට ගිය මේ පුංචි සුරංගනාවී අනෙක් ලොලි පොප් එක හිගන ළමයට දුන්නා . ඒ වෙලාවේ පුංචි කෙල්ලගේ මුණේ පුදුමාකාර සිනාවක් මතු උණා.
ඇත්තටම ජීවිතේ කොච්චර ලස්සනද අනෙක් අය එක්ක ආදරේ බෙදා ගන්න කොට.මන් ගමන් මල්ලත් අරන් නැගිට්ටා ආපහු මිනිස් කැලත් එක්ක ජීවිතේ හොයාගෙන යන්න.

ඔන්න මාත් ආව අයියේ කතාව කියවන්න..
ReplyDelete